මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමකවරයෙකු මාට්ටු

By Mithu Aug 11, 2026 01:42 PM GMT
Report

බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිදුවීමකට සම්බන්ධ බන්ධනාගාර නියාමකවරයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත. ගල්කිස්ස ප්‍රදේශයේදී ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් දෙහිවල වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

මැගසින් බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රැඳවියෙකු වට්ස්ඇප් ඔස්සේ ලබාදුන් උපදෙස් මත මෙම මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් බව අදාළ සැකකරු ප්‍රකාශ කර ඇත.

එම මත්ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල වනාත පාරේදී වෙනත් අයෙකුට භාරදීමට නියමිත බවට සැකකරුගෙන් ලත් තොරතුරු අනුව, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ ස්ථානයේ සූක්ෂම ලෙස වැටලීමක් සංවිධානය කරන ලදී.

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

අටපිරිකර මිලදී ගැනීමේදී මහජනතාව ප්‍රවේශම් වෙන්න - පාරිභෝගික අධිකාරියෙන් නිවේදනයක්

එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමකින් සැරසී පැමිණි පුද්ගලයෙකු අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගැනීමට උත්සාහ කිරීමේදී රැක සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි. මොහු පසුගිය ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණීමට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.

සිදුවීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සහ ජාවාරම පිටුපස සිටින පිරිස් හඳුනාගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර විමර්ශන සක්‍රීයව සිදුකරනු ලබයි.