මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම? අමාත්‍ය නලින්ද ජයතිස්ස පැහැදිලි කරයි

Report

අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්වයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා "රටම එකට ජාතික" මෙහෙයුම් මධ්‍යස්ථානයේ අවධානය යොමු වීම පිළිබඳව අවධානය යොමුවිය.

මරණ දඬුවම සම්බන්ධව මෙම යෝජනාව සම්බන්ධව තවම අවසන් නිගමනයක් ගෙන නොමැති බව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි

ඔහු වැඩිදුරටත් පැවසුවේ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී මේ පිළිබඳව ඇතැම් පාර්ශ්වයන්ගෙන් ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බවයි.

"මේ ප්‍රශ්නය ගැන බරපතළකම ගැන සාකච්ඡා කිරීමේදී සමහර පාර්ශ්වයන්ගෙන් ආපු යෝජනාවක්, අදහසක්. එක කෙසේද කරන්නේ කොහොමද කරන්නේ කියන එක ගැන අවසාන නිගමනයක් හෝ එකඟතාවයක් තවම නෑ. පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මේවාත් එක්ක සිදුවන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කිරීමේදී එක එක පාර්ශ්වයන් පිළිබඳව කරන යෝජනාවක් පමණයි."

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස

රාජ්‍ය සේවයට 72,000ක් බඳවා ගැනීමට සූදානම් - පත්වීම් උසස්වීම් හා වැටුප් වැඩිකිරීම් නිසිලෙස