සැප්තැම්බර් 1සිට අලුත් නීතියක් - බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදයක්

Report

ඉදිකිරිම් කර්මාන්තයට අවශ්‍ය කලුගල් / වැලි / පස් / බොරළු සහ මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය වලට අදාළ බලපත්‍ර එකම තැනකින් ලබාදීමේ ක්‍රමවේදය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මකයි.

භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසන්නේ කාර්මික හා කාර්මික නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා භාවිත කරන ඛනිජ සඳහා නව ක්‍රමවේද හඳුන්වාදී ඇති බවයි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් ඉදිකිරිම් කර්මාන්තයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය කැණීම / ප්‍රවාහනය හා වෙළෙඳාම විනිවිදභාවයෙන් සංවිධාන කිරීම සඳහා නව ඛනිජ ප්‍රතිපත්තියක් හා නව බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි

මේ අයගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කෙරේ - අමාත්‍ය මණ්ඩලය යෝජනාව අනුමත කරයි

භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති සමන් ජයසිංහ මහතා අද(11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරුන් / ප්‍රාදේශීය ලේකම්වරුන් / දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටු සභාපතිවරුන් දැනුවත් කර ඇති බවයි.

කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එන්. බණ්ඩාර මහතා ද මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.