දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනපති අතින් විවෘත වෙයි (VIDEO)(PHOTOS)
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වසරේදී චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම රෝහල මෙරටට ඉදිකරනු ලැබුවේ.
රුපියල් කෝටි 1200ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහල ඇඳන් 200කින් හා රුධිර කාන්දුපෙරණ පහසුකම් සහිත ඇදන් 100ක් මෙන්ම අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5කින් හා දැඩි සත්කාර ඒකක 2කින් සමන්විතයි.
ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී ඇති අතර දිකිරීම් සඳහා ගතවු කාලය මාස 30ක්. වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් ද මීට අයත්.
වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයක්.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |











