තරු ගහපු පොලිස් ලොක්කාගේ අනියම් බිරිඳ සැරයන් බිරිඳට සිදු කළ දේ..
Police
sri lanka
news
Hanwella
By Sithumi
පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන් වරියකට ප්‍රහාරයක් එල්ලකල කාන්තාවක ඊයේ (20දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
හංවැල්ල , කලුඅග්ගල පදිංචි 34 හැවිරිදි කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාව, පානදුර වලාන ප්‍රදේශයේ පොත් හලක සේවය කරන බවත් , එහිදී දෙදෙනා අතර ඊයේ රාත්‍රී ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවත් සදහන් වේ
. පහරකෑමට ලක්වූ පොලිස් බිරිඳ පානදුර මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. පහරකෑමට ලක්වූ කාන්තාවගේ සැමියා උප පොලිස් පරීක්ෂක වරයෙකු බවත් , ඔහුගේ අනියම් බිරිඳ බවට සැකකරන කාන්තාවක පහරදීම සිදුකර ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකරන බව පැවසේ. පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |