WhatsApp සහ Telegram පාවිච්චි කරන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක්
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වෙන බැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම 2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇති බවද දන්වා ඇත.