මහජනතාවට ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ පුද්ගලයින්ගේ චංචල හෝ නිශ්චල දේපළ තහනම් කළ හැකියි

Report

පොලීසිය විසින් ගරු අධිකරණය මගහැර සිටින තැනැත්තන්ගේ දේපළ තහනම් කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරයි.

ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, ගරු අධිකරණයක් මඟින් නිකුත් කරන ලද වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස සැඟවී සිටින හෝ මගහැර සිටින තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ගරු අධිකරණයට බලතල තිබෙන බවයි.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

එමෙන්ම වරෙන්තු ලැබූ තැනැත්තකු ගරු අධිකරණය මගහැර සිටින බවට තහවුරු වන විටකදී, දින 30 කට නොඅඩු කාලයකදී නියමිත ස්ථානයක හා වේලාවක පෙනී සිටින ලෙස නියම කරමින් ගරු අධිකරණයෙන් ලිඛිත ප්‍රකාශනයක් නිකුත් කළ හැකි බවද දන්වා සිටියි.(අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 වගන්තිය)

එහෙත් එම ප්‍රකාශනය නිකුත් කිරීමෙන් අනතුරුව ද ගරු අධිකරණය හමුවේ එම තැනැත්තා පෙනී නොසිටින්නේ නම්, එම තැනත්තාට අයත් චංචල හෝ නිශ්චල දේපළ තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 61 වගන්තිය ප්‍රකාරව ගරු අධිකරණයට හැකියාව පවතියි.

ලංකාවට තවත් මාරකයක්.. ඉරාන නෞකා 20ක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයි - අමෙරිකානු සම්බාධක නිසා ලංකාවත් භීතියෙන්

ලංකාවට තවත් මාරකයක්.. ඉරාන නෞකා 20ක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ හිරවෙයි - අමෙරිකානු සම්බාධක නිසා ලංකාවත් භීතියෙන්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

මෝටර් රථ හා ත්‍රීරෝද රථ සඳහා - ටයර් සඳහා විශේෂ නීතියක්

Gallery