වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂාව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා, දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව යොදා ඇති බව පැවසීය.
ඔහු සඳහන් කළේ, ඉන්ධන හිඟයක් ඇතිවීමට බියෙන් ඇතැම් ජනතාව බූලි, කෑන්, බෝතල් වැනි උපකරණ භාවිතා කර ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බැවිනි.
ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් මෙවැනි උපකරණ සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඉන්ධන පිරවුම්හල් කළමනාකාරීත්වය නිසි ලෙස දැනුම් දීමට පොලිසිය මඟින් පියවර ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නමුත් ලංකාව තුළ තෙල් හිඟයක් ඇති නොවන බවට රජය ප්‍රකාශ කර තිබේ.
අදින් පසු නැවත දැනුම්දෙන තුරු මේ විදිහට ඉන්ධන ගන්න බෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් දැනුම්දීමක්