කොටහේන දැරිය ගැන පොලිසියෙන් කළ නිවේදනය....චූදිතයා ගැනත් සඳහන්
පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක් වේ.
2025.04.29 වන දින පස්වරු 04.30 ට පමණ කොටහේන පොලිස් වසමේ අංක 36, ගල්පොත්ත වීදිය, EXPO මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 15 ක දැරියක් එම මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන ඇති බවට කොටහේන පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.
සිදු කරන ලද විමර්ශනයේ දී ඉහත සිදුවීම මෙම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටිය දී සිදු වී ඇති බවටත්, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළ දී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතවරයකට ලක් වී ඇති බවටත් අනාවරණය විය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් 2024.12.08 වන දින බම්බලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර සැකකාර ගුරුවරයා 2025.01.08 වන දින අත්අඩංගුවට ගෙන අළුත්කඩේ අංක 03 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.01.10 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
අඳාළ සැකකරුට විදේශ ගමන් තහනමක් ද සිදු කර ඇත. එසේම මෙම නඩුව 2025.05.19 වන දින නැවත කැඳවීමට නියම කර තිබෙනවා. තවද දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශයේ 109 දරන හදිසි දුරකථන අංකයට 2025.05.06 වන දින තුන්වන පාර්ශවයක් මඟින් මෙම දැරිය සහභාගි වූ උපකාරක පන්තියක දී එම ආයතනය පවත්වා ගෙන යන පුද්ගලයා විසින් දරුවන් ඉදිරියේ එම දැරිය දැඩි මානසික පීඩනයට පත් කර ඇති බව වාර්තා වුණා.

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..
ඒ අනුව මෙම සිසුවිය සිය දිවි නසා ගැනීමට පෙළඹීමට එම සිද්ධිය හේතු වූ බවට සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම කාර්යංශය මඟින් ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
ඒ අනුව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය හා බම්බලපිටිය පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
