අපි නතර කළේ මාර්ගවල පෙළපාලි යන එක එහෙම පාරේ පෙළපාලි යන්න බැහැ

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police SL Protest
By Sithumi Feb 27, 2023 12:57 PM GMT
Sithumi

Sithumi

Report

ජනතාවට සාමකාමිව රැස්වීමේ නිදහස මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ඉඩ පවතින නමුත් මාර්ගවල ඒකරාශී වී ඒවා අවහිරවන සේ ගමන් කිරීමට හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ජන බලවේගය විසින් ඊයේ(26) පැවැත්වූ විරෝධයට පොලිසිය එල්ල කළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මෙවැනි පෙළපාලි හරහා පොදු සහ පෞද්ගලික දේපලවලට හානි සිදුවිය හැකි බැවින් එවැනි විරෝධතා නතර කිරීම පොලිසිය විසින් සිදු කළ යුතු බවද ඔහු සඳහන් කළා.