මේ දේවල් සපුරා තහනම්..කලොත් ඉතින් ඉවරයි .. පොලිස් නිලධාරින් සිරුවෙන්..

Report

පශ්චාත් මැතිවරණ කාලයේදී ලැබු ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව පැවතී මාධ්‍ය හමුවකදීය.

ඉදිරි සතියක කාලයක් දේශපාලන රැස්වීම් මෙන්ම පෙළපාලි පැවැත්වීම සපුරා තහනම් බව ඔහු මෙහිදී කියා සිටියා.

එමෙන්ම දේශපාලන වශයෙන් සතුට සැමරීම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

පශ්චාත් මැතිවරණ කාලය තුළ පොලිස් නිලධාරින් සිරුවෙන් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළා.

මැතිවරණ රාජකාරී වෙනුවෙන් යෙදී නිලධාරින් තවදුරටත් ජංගම සංචාරයේ යෙදෙමින් ආරක්ෂා කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් කියා සිටියා.