පොලිස් සේවා ගාස්තු ඉහළට

Police spokesman Sri Lanka Police Sinhala news
By Mithu Apr 24, 2025 02:25 AM GMT
Mithu

Mithu

Report

පොලිසිය මහජනතාව වෙත සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම පොලිස් ස්ථානයට යොමු කළ චක්‍රලේඛයක මේ බව සඳහන් වේ.

ඒ අනුව මෙම සේවා ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 2023.06.02 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2749 / 2023 [මුදල් චක්‍රලේඛ 04/ අවලංගු වන බව පොලිස් මූලස්ථානය පවසයි. එම චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ ශබ්ද විකාශන බලපත්‍ර ගාස්තු එක දිනක් සඳහා මින් පෙර රුපියල් තුන්සියක් අය කළත් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමත් සමග එම ගාස්තුව රුපියල් දෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්?

එමෙන්ම පොලිස් නිල සුනඛයෙක් සඳහා පැය එකහමාරක කාලයකට යටත්ව හා රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය තීරණය කිරීම පශු වෛද්‍යවරයාගේ නිර්දේශයට යටත්ව සහ පාසල් සන්දර්ශන සඳහා නිල සුනඛයන් ලබාදීමේදී ගාස්තු අය කිරීම හෝ නොකිරීම සම්බන්ධව පොලිස්පතිගේ අනුමැතියට යටත්ව මින් පෙර අය කළ රුපියල් තුන්දහසක මුදල රුපියල් විසිදහසක් දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම අශ්වයෙක් සඳහා පැය එකමාරක කාලයකට මින් පෙර රුපියල් හයදහසක මුදලක් අය කළ ද මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු එම මුදල රුපියල් තිස්දහස දක්වා ඉහළ නංවා තිබේ.

ආසන්නම පොලිස් ස්ථානයක් වෙත වාහනයක් ඇද ඉවත්කිරීමේ ගාස්තුව රුපියල් හයසීයේ සිට රුපියල් පන්දහස දක්වා ඉහළ දමා ඇත. මේ අතර එක් ඇඟිලි සටහන් ගාස්තු වාර්තාවක් සඳහා අයකළ රුපියල් එකසිය පනහක ගාස්තුව රුපියල් පන්සීය දක්වා ඉහළ නංවා තිබේ. කිමිදුම් උපකරණ සඳහා අයකළ රුපියල් දෙදාස් හාරසීයේ ගාස්තුව රුපියල් හාරදහස දක්වා ඉහළ දමා ඇත.

ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා අයකළ රුපියල් එක්දහස් දෙසීයක මුදල ද රුපියල් පන්දහස දක්වා ඉහළ දමා ඇත. මේ අතර මින් පෙර කිසිදු ගාස්තු අයකිරීමක් නොකර පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දේශීය අවශ්‍යතා සඳහා පමණක් නිකුත් කරන පොලිස් වාර්තා සඳහා දැන් රුපියල් තුන්සීයක් අයකරනු ලබයි.

මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ පොලිසිය සතු වාහන හා යාත්‍රා පෞද්ගලික පාර්ශ්වයන්ට ලබාදීමට පෙර, එකී වාහන හා යාත්‍රා පුද්ගලික භාවිතයේ දී සිදුවිය හැකි අලාභ හානි වෙනුවෙන් හැකි පූර්ණය සඳහා තාවකාලික රක්ෂණා වාරයක් ලබාගැනීමට අදාළ පුද්ගලික පාර්ශ්වයට නියම කළයුතු බවය.

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය

මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය

ReeCha