ශ්‍රී ලංකන් - එයාර්බස් ඩොලර් මිලියන 2ක වංචාව -නාමල් රාජපක්ෂ යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Report

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකදී සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව සැප්තැම්බර් 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

එමෙන්ම, සැකකරුගේ ඇප අයදුම්පත පිළිබඳ තීරණය ද එදිනම ප්‍රකාශයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ වන විටත් අත්අඩංගුවේ පසුවන නාමල් රාජපක්ෂ මහතා අදාළ අධිකරණ කටයුතු සඳහා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පාසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට පැමිණෙයි

සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට පැමිණෙයි

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්