මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කළ ආකාරය
By Zara
මාතර බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කරඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඊයේ (22) පස්වරුවේ එම බන්ධනාගාරය තුළ රදවා සිටි රැදවියන් තිදෙනෙකු හට පවතින විනය චෝදනා මත වෙනත් බන්ධනාගාර වෙත මාරුකිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය විසින් කටයුතු සුුදානම් කර තිබියදී මෙම ගැටුම හටගෙන තිබුණි.