මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට වුණ හානියට Turkish Airlines උත්තර දෙයි

Report

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව Turkish Airlines ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. 

රුමේෂ් තරංගගේ හෙල්ල වලට ගුවන් යානයේදී හානි වෙලා - ''ලෝකයක් ජයගෙන එද්දී කනගාටුදායක පුවතක්''

රුමේෂ් තරංගගේ හෙල්ල වලට ගුවන් යානයේදී හානි වෙලා - ''ලෝකයක් ජයගෙන එද්දී කනගාටුදායක පුවතක්''

මෙම සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ (15) දිනයේ දී පැවති හමුවේදී මේ බව පවසා ඇත.

මෙහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමට හා එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකරන ලෙස අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් තීරණය විය.

මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට වුණ හානියට Turkish Airlines උත්තර දෙයි | Turkish Airlines Apologises Athlete S Rumesh