ලොජ් එකේ අත්විලංගු දාලා ගිය පොලිස් සැරයන්

Report

මහනුවර දළදා වීදියේ නවාතැන්පොළක් තුළ අත්හැර දමා තිබූ අත්විලංගු යුවළක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කැලණිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

දැන් හරිනේ - IMF එකට ලංකාවෙන් වැරදි තොරතුරු දීලා - කාගේද වැරැද්ද?

මෙම අනාවරණය සිදු වූයේ, මාසයකටත් වැඩි කාලයක් පුරා හිමිකරු නොපෙනී සිටි බෑගයක් නවාතැන්පොළ කළමනාකරු විසින් පරීක්ෂා කිරීමේදීය.

එම බෑගය තුළ තිබූ අත්විලංගු යුවළ හමුවීමෙන් අනතුරුව, පොලීසිය දැනුවත් කර ඒවා භාරයට ගත්හ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

පසුව සිදු කළ විමර්ශනයකින් මෙම අත්විලංගු බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බව තහවුරු වී ඇති අතර, එය නවාතැන්පොළට ගෙන එනු ලැබූ බවද හෙළි වී ඇත.

ඒ අනුව, සැරයන්වරයා රජයේ දේපළක් අවභාවිත කළ බවට චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත සිදුවෙයි.