ප්‍රදේශයකට විශේෂ පොලිස් ආරක්ෂාවක්..
Sri Lanka Police
Sri Lanka
Festival
Kataragama Temple Sri Lanka
By krishani
අද (21) තෙවන දිනටත් රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.
එම පෙරහැර පසුගිය 19 වනදා ආරම්භ වූ බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර නිළමේවරයා පැවසුවේ ය.
එය ජූලි මස 04 වනදා දක්වා පැවැත් වීමට නියමිත අතර කතරගම පෙරහැරට සමඟාමීව විදෙස් බැතිමතුන් විශාල ප්‍රමාණයක් කතරගම, කිරින්ද සහ තංගල්ල ප්‍රදේශවලට පැමිණෙමින් සිටියි.
විදේශිකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර ඇති අතර මුහුදු තීරයේ සහ දියනෑම් සිදුකරන ස්ථාන සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 40කට අධික පිරිසක් යොදවා තිබෙනවා.
පුජා නගරයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ඔවුන්ගේ වාහන හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ද ආරක්ෂක වැඩපිළිවලක් මෙන්ම පොලිස් නිලධාරීවන් විශේෂ රාජකාරීවල යොදවා තිබෙනවා.