නාඳුනන මළ සිරුරක් හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි..ශරීරයේ ඇති Tattoo එකක් ගැන දැඩි අවධානය.
By Sewvandhi
හොරණ, පොරුවදණ්ඩ, ගනේතැන්න ප්‍රදේශයේ රබර් වත්තක කැලෑ සහිත ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත හොරණ පොලීසිය විසින් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අවුරුදු 35ක් පමණ පෙනුම ඇති පිරිමි පුද්ගලයෙක් බවට සැකකරන බව ද පොලීසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයාගේ වම් අතේ උඩ බාහුවේ අත වටා ලියවැලක හැඩැති පච්චයක් කොටා ඇතැයි ද පොලීසිය පැවසීය.
මෘත ශරීරය සම්බන්ධයෙන් මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, හොරණ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබේ. හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
