“..කෙල්ලෙක් දෙන්නම් සර්.. පැයකට රුපියල් 3000යි, මට 500යි මොකද කියන්නෙ?” -සුපිරි නිවාස සංකීර්ණයේ නිරුවත් එළියට

POLICE RADE MTHTHEGODA KASBEWA PILIYANDHALA BROTHEL
By Sewvandhi Dec 10, 2021 01:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවෙසක කලක සිට පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලිසිය සඳහන් කළා.

ඒ අතර නිවස් හිමි කාන්තාව හා මුදලට අලෙවි වන කාන්තාව ද සිටි බවයි පොලිසිය සඳහන් කළේ. මේ කාන්තාවන් දෙදෙනා කුළුපග මිතුරියන් වන අතර, මුදලට අලෙවි වන කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි, මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මේ නිවස ලබාගෙන, කලක සිට මේ ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා පැමිණෙන එක් පුද්ගලයෙකුගෙන් පැයකට රුපියල් 3000 ක මුදලක් ලබාගෙන ඇති අතර, නිවස හිමි කාන්තාවට ඉන් රුපියල් 500ක මුදලක් ලබා දී ඇතැයි ද වාර්තා වනවා.

මේ පිළිබඳ මත්තේගොඩ පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී මේ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, එම අවස්ථාවේ වී ද පුද්ගලයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සැකකාරියන් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ලැබෙන පරිද්දෙන්, තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයින්ට අලෙවි කර ඇතැයි ද පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් කාන්තාවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW