තෙල්දෙණිය වෛද්‍යවරියගේ ඝාතනයට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට - මොහොතින් මොහොත උණුසුම ඉහළ යන ඝාතන නඩුවේ තත්ත්වය මෙන්න

Report

කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයාව තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වාර්තා කර ඇත්තේ අපරාධයේ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

වැඩිදුරටත් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

පසුගිය 17 වනදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගෙල සිර කිරීමකින් මෙම මරණය සිදුකර ඇති බවයි.

භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහගේ පට්ටම ගැලවෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් නෙරපීමට නිවේදනයක්

අත්අඩංගුවට පත් චරිත් අබේසිංහගේ පට්ටම ගැලවෙයි - වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් නෙරපීමට නිවේදනයක්