පොලිස් නිලධාරීන් 12කට කොවිඩ් - නිවෙස් 15ක් නිරෝධායනයට

covid19 police infections maharagama wallyball champion ship
By Sewvandhi Aug 16, 2021 10:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහරගම පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු නිවෙස් නිරෝධායනයට ලක්කර තිබෙනවා. මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතා, පාර්ලිමේන්තු වටරවුමේ පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර දී අනතුරකට ලක් වීමෙන් පසුව, පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, වැඩ බැලූ පොලිස් පරීක්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දොළොස් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මෙලෙස පොලිස් නිලධාරීන් ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙන් පොලිස් ස්ථානය මේ වනවිට සම්පූර්ණ විෂබීජහරණයට ලක් කර ඇති බවද සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

එමෙන්ම, සැප්තැම්බර් මස 12 සිට ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ආසියානු වොලිබෝල් ශුරතා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමිව ගොස් තිබෙනවා. ඒ මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ඩෙංගු සහ කොරෝනා රෝගයට ගොදුරුව තිබෙන නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනෙකු මේ වනවිට ඩෙංගු රෝගය සඳහා නේවාසික ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආසියානු කුසලානයට පෙර මේ ක්‍රීඩකයන් සුව වූවද පුහුණුවීම් සඳහා ද නිසි ශාරීරික යෝග්‍යතාවක් නොමැති නිසා තරගාවලිය අතහැර දැමීමට සිදුව තිබෙනවා. 

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 

රටක ආර්ථිකයක වැඩක් තියනවාද මිනිස් ජීවිත නැති කරලා..?

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now