SI පොලිස් නිලධාරිනියට ලිංගික අතවර කරලා
නව රජය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය ආයතන වල සිදුවන විවිධ අසාධාරණකම්කම් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් ගෙන තිබේ.
ඒ අනුව තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලීසියේම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත නියම කළාය. නඩුව මේ මස 28 වනදා තෙක් කල් තැබුණි.