හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
By Shehan
සිරි දළදා වන්දනාවට බැතිමතුන් පෝලිමේ සිටින අවස්ථාවක පොලිස් නිලධාරියෙකු යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන අඩංගු වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු වීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය නියෝග කර ඇත.
ඒ අනුව, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත, මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.