පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි - සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 19, 2023 03:19 AM GMT
krishani

krishani

Report

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ දී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳ වැළඳ ගැනීමට උත්සාහ කළ පුද්ගලයා තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු විසින් බිරිඳට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටි අවස්ථාවේදී ඊයේ (18) මෙම සිද්ධිය සිදු විය.

මිරිහාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇත.

ඉන් අනතුරුව අසල සිටි සිය බිරිඳ වැළඳ ගැනීමට තැත් කර තිබු අතර ඇය පිටතට දිවගොස් දිවි බේරාගෙන ඇත.

පසුව පොලිසිය සැකකරු පාලනය කර රෝහල්ගත කර ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ ඇඳුම්වලින් පෙට්රල් ගඳක් ද වහනය වී ඇත.

34 හැවිරිදි එම සැකකරුට මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join