රටම පුදුම කල ශ්‍රී ලංකා පොලීසියේ සාර්ථකත්වය

Report

විවිධ අපරාධ සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කරන ලද අපරාධවලට සම්බන්ධ 40 දෙනෙකුගෙන් 18 දෙනෙකු මෙම වසරේදී මෙරටට රැගෙන ඒමට හැකි වී ඇතැයි පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරමින් ඇති බවයි.

ඒ බව වැඩි දුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

'' මේ වනවිට අපිට හැකියාව ලැබිලා තියනවා සමස්ථ රටේම රතු වරෙන්තු 40 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කරන්න. එවගේම එහි ප්‍රථිඵලයක් විදිහට විවිධ අපරාධ සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කරන ලද සැකකරුවන් හා සැකකාරියන් 18 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න අපි සමත්වෙලා තියනවා . ඔබ දන්නවා විදේශ රටවල සැකකරුවන් සහ සැක කාරියන් ගෙන්වා ගන්න උදර්පණ නීතිය අදී බොහෝ දේ අනුව තමයි සැකකරුවන් මෙරටට ගෙන්වා ගන්න වෙන්නේ . ඒ නීති අනුව අපි කටයුතු කරනවා ''

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්

දකුණු මුහුදෙන් හමුවූ පාර්සල්වල මත්ද්‍රව්‍ය කිලෝ 839ක්

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු අනාවරණ කර තිබේ .

එ බව වැඩිදුරටත් අදහස් දක්වන  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පළකළේ මෙවැනි අදහසක්

'' 2025 ජනවාරි 1 වෙනිදා සිට ඊයේ දින දක්වා ටී 56 ගිණි අවි 66 ක් පොලිස් භාරයට අරගෙන තියනවා. එවගේම පිස්තෝල අවි 69 ක් , තවත් අවි 50ක් වගේම මෙලෙස සමස්ථ අවි 1996 ක් පොලිස් භාරයට ගැනීමට සමත් වෙලා තියනවා. මේ සියළුම අපරාධ කරුවන් ජාලගත අපරාධ කරුවන් විදිහට තමයි ඉන්නේ. එ අනුව 2025 වර්ෂයේ ආරම්භයේ සිට අද දක්වා කරන ලද වැටලීම් තුළින් ජාල ගත අපරාධකරුවන්ගේ මත්ද්‍රව්‍ය වැටලීම් අපි සිදු කරලා තියනවා. ඒ හරහා හෙරෝයින් 1268 kg 987 g සැකකරුවන් 56082කගෙන් පොලිස් භාරයට අරගෙන තියනවා .එවගේම අයිස් 1863 ක් 103 g ක් සැකකරුවන් 64690 කගෙන් අරගෙන තියනවා. ඒවගේම කේරල ගන්ජා සහ ගන්ජා 14281 kg ක ප්‍රමාණයක් සැකකරුවන් 57005 කගෙන් අරගෙන තියනවා .හෂීස් 552 kg කොකේන් 32 kg ක් සහ මත්පෙති තිස්පන්ලක්ෂයක ප්‍රමාණයක් මෙම වැටලීම් තුළින් පොලිස් භාරයට අරගෙන තියනවා.''

බස් ලලිත් බරපතල චෝදනා රැසකට සම්බන්ධයි - ලිස්ට් එක මෙන්න..

බස් ලලිත් බරපතල චෝදනා රැසකට සම්බන්ධයි - ලිස්ට් එක මෙන්න..

මේ විදිහට තව දුරටත් පොලිස් වැටලීම් වල සාර්ථකත්වය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැහැදිළි කර තිබේ.