හතර වටේ ඇවිදපු “කුඩු නෝනිගේ” බෝනික්කා මෙන්න.

Police Colombo
By Aruna Jul 13, 2021 04:10 AM GMT
Aruna

Aruna

Report

ත්‍යාගයක් ලෙස හගවමින් කුරියර් සේවාවක් මගින් මත්කුඩු බෙදා හැරිමට තැත්කළ “කුඩු නෝනි” නම් සැකකාරියක් හා තවත් සැකකරුවෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝනික්කෙකු තූළ සගවා මෙම මත්කුඩු බෙදා හැරීමට කටයුතු කර තිබුණා.

අදාල සැකකාරියගේ කඩුවෙල නිවසක් පරීක්ෂා කිරිමේදි හෙරොයින් ග්‍රෑම් 56 ක් හමුවු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

සැකකරු හා සැකකාරිය අධිකරණ නියෝගය පරිදි රදවා තබා ගෙන විමර්ශණ ආරම්භ කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha