සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. නිශාන්ත ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සංවිධානය කර ඇති බවයි.

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සම්බන්ධයෙන් අද (23) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ඉන්දියාවේ සිට වැඩම කරවීමට නියමිත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආරක්ෂාවටත්, ඒ සමඟ පැමිණෙන රාජතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාවටත් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන්ම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන්ගේ ආරක්ෂාවට මෙන්ම, රථවාහන පාලනය සඳහාද විශේෂ සැලසුමක් සකස් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

බංග්ලාදේශයෙනුත් ICC ට තද තීරණයක් - ICCට ලොකු පාඩුවක්

එබැවින් ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවට පැමිණීමේදී හැකිතාක් දුරට ගමන් මලු රැගෙන නොපැමිණෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටි ඔහු, පෞද්ගලික රථවලින් පැමිණෙන බැතිමතුන් ගමන් මලු එම රථවලම තබා පැමිණීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටී.

තවද සුදුවතින් සැරසි, සැඳැහැවත් ලෙස ධාතු වන්දනාවට එක්වන ලෙසත්, ස්වර්ණාභරණ වැනි වටිනා දේ පැළඳ පැමිණීමෙන් වළකින ලෙසත්, හිස්වැසුම් හා පාවහන් පැළඳ විහාරස්ථාන පරිශ්‍රයට නොපැමිණෙන ලෙසත්, ජංගම දුරකථන විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියා විරහිත කර ගන්නා ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම අවශ්‍ය අවස්ථාවලදී ගමන් මලු පරීක්ෂා කිරීම, ශරීර පරීක්ෂාව සිදු කිරීම සහ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර දැඩි ආරක්ෂාවක් සලසා දෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

අද පැය 48ක් පුරාවටම ලංකාව පුරා සිද්ධ වෙන්න යන දේ මෙන්න - දැනගෙනම යන්න

අද පැය 48ක් පුරාවටම ලංකාව පුරා සිද්ධ වෙන්න යන දේ මෙන්න - දැනගෙනම යන්න

එමෙන්ම ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව පැය 24 පුරාම පැවැත්වෙන බැවින් කිසිදු පැකිළීමකින් තොරව පැමිණ ධාතු වන්දනාවට එක්වන ලෙසත්, පැමිණෙන දිනයේදීම ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට හැකියාව ඇති බවත් දැනුවත් කළා.

ඊට අමතරව මරදාන හා කොටුව දුම්රිය ස්ථානවලින් මෙන්ම මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණෙන බැතිමතුන් සඳහා එම ස්ථානවල සිට ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවත්, පෞද්ගලික රථවලින් පැමිණෙන බැතිමතුන් සඳහා වෙන්වූ රථගාල් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ජනමාධ්‍ය ඔස්සේ දැනුවත් කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් දැනුම් දී ඇත.

18 ට වැඩි මේ අය වෙනුවෙන් ටික්ටොක් තරගයක් - 31 ට කළින් එවන්න

18 ට වැඩි මේ අය වෙනුවෙන් ටික්ටොක් තරගයක් - 31 ට කළින් එවන්න