18 ට වැඩි මේ අය වෙනුවෙන් ටික්ටොක් තරගයක් - 31 ට කළින් එවන්න

Report

මාලදිවයිනේ එළඹෙන අප්‍රේල් 4 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ කාන්තා සංවර්ධන කමිටු මැතිවරණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ටික්ටොක් තරගයක් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව (EC) නිවේදනය කර ඇත.

ඒ අනුව 'රෂුගේ කුරිමගේ' හෙවත් 'දූපතේ අනාගතය' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම තරගයට එක්වීමට අයදුම්පත් දැන් විවෘතව පවතින බව සඳහන්.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව මඟින් මෙම තරගය වෙනුවෙන් වන නීති රීති ප්‍රකාශයට පත් කර තිබෙන අතර, වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගී විය හැකි බව වාර්තා වේ.

එසේම තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වීඩියෝ නිර්මාණ පහත සඳහන් මාතෘකා ඔස්සේ සකස් විය යුතු බව සඳහන්.

අන්තර්ජාලය ගැන ඇඟ හිරි වැටෙන සොයා ගැනීමක් - ඔයත් දවසම internet යනවා නම් ඉවරයි

අන්තර්ජාලය ගැන ඇඟ හිරි වැටෙන සොයා ගැනීමක් - ඔයත් දවසම internet යනවා නම් ඉවරයි

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන නිල ලේඛන, මැතිවරණවලදී තහනම් කර ඇති ක්‍රියාකාරකම්, දිවයිනේ හෝ නගරයේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, මැතිවරණ කාලසීමාවේදී තොරතුරු ලබා දීමේ වැදගත්කම සහ විවිධ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු තහවුරු කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරෙන බව මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

එමෙන්ම තරගයට සහභාගී වීමට කැමති පුද්ගලයින් තම වීඩියෝ නිර්මාණ ජනවාරි 31 වන දින පස්වරු 2 ට පෙර එවිය යුතුයි.

තරගයේ ජයග්‍රාහකයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව මඟින් වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර ප්‍රථම ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 5000, දෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 3000ක් ද තෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 2000ක් ද ලබාදීමට නියමිත බව සඳහන්.

Siri වෙනස් වෙයි - දැන් iPhone, iPad සහ Mac වලට එන්නේ මෙහෙමයි

Siri වෙනස් වෙයි - දැන් iPhone, iPad සහ Mac වලට එන්නේ මෙහෙමයි

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග අනවශ්‍ය ලෙස මැජේස් කරලා - වැඩේ මාට්ටු

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග අනවශ්‍ය ලෙස මැජේස් කරලා - වැඩේ මාට්ටු