වැටලීමක් අතරතුර පොලිසියෙන් වෙඩි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Drugs
By krishani Aug 30, 2023 03:11 PM GMT
krishani

krishani

Report

අද (30) දහවල් බොරැල්ල - වනාතමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර දී පොලිසියෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

එහිදී එක් සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පසුව ඔහුත් සමග මොටර් රථයේ රැදී සිටි සැකකරුවෙකු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබා ඇත.

පසුව සැකකරුවන් මෝටර් රථය රැගෙන පළාගොස් ඇති අතර එය පෑලියගොඩ ප්‍රදේශයේ තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, සිදුකළ වෙඩි තැබීමෙන් සැකකරුවන්ට තුවාල වී ඇත් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ReeCha