නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ

Report

 ශබ්දය වෙනස් කර ඇති, මුල් ආකෘතිය වෙනස් කළ සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී. ජේ. සේනාධීර මහතා අද (13) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා නවතින ලකුණු - සේවකයන් 150 ක් එකවර සේවයෙන් ඉවත් කරයි

යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරමින් රීසින් සහ ස්ටන්ට්  යෙදෙන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බව හෙළි කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එවැනි මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

එමෙන්ම, වයස අවුරුදු 18ට අඩු බාලවයස්කාර පුද්ගලයින්ට හෝ නිසි රියදුරු බලපත්‍රයක් නොමැති පිරිස් වෙත වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතිමය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

වොලිබෝල් තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භයි - රාජ්‍ය,පෞද්ගලික ආයතනය,හමුදා,පොලිසිය සහ පාසල් සඳහා අවස්ථා

වොලිබෝල් තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භයි - රාජ්‍ය,පෞද්ගලික ආයතනය,හමුදා,පොලිසිය සහ පාසල් සඳහා අවස්ථා