නැවතත් පොලිසියෙන් මහජනතාවට කරදර...ආපනශාලාවකට පැනලා ගහන්නත් හදලා [photo]

Report

හැටන් පොලිසියේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් පිරිසක් ආපනශාලාවකට ගොස් ඒ තුළ කලහාකාරි ලෙස හැසිරී ඇති බවට වාර්තා වේ.

අලුයම 1.00 ට පමණ හැටන් නගර මධ්‍යයේ පිහිටි මෙම ආපනශාලාවට ගොස් එහි හිමිකරුට පහර දීමට තැත්කර ඇති අතර එසේම හිමිකරුගේ නැගණියට පරුෂ වචනයෙන් බැන වැද ඇති බවට ද වාර්තා වේ.

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ඒ අනුව මේ සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරිවරයා විමර්ෂණයක් ආරම්භකර ඇති බව පවසයි.

අඳාළ ආපනශාලාවේ හිමිකරු ඒ.එම්. ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ තමා නීන්‍යානුකූල බලපත්‍ර සහිතව ආපනශාලාවක්, බිලියට් සහ ස්නූකර් ක්‍රීඩා කිරිමට ආපනශාලාවට යාබදවම වෙනමම ශාලාවක් පවත්වාගෙන යන බවයි.

ඒ අනුව නීන්‍යානුකූලව අවසර ඇතිව බිලියට් සහ ස්නූකර් තරගාවලියක් පැවැත්වූ බවත්, ඉන් අවසන් තරගය ඉකුත් (09) දින පවත්වමින් සිටි විට අධික ලෙස බීමත්ව පැමිණි අඳාළ නිලධාරින් සිවිල් ඇදුමින් සැරසී තම ආපනශාලාවට ඇතුළු වී කලහාකාරි ලෙස හැසිරී තම සොහොයුරියට පරුෂ වචනයෙන් බැනවැද තමාටද පහර දීමට තැත්කල බවයි.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඉන්පසු ඔහු විසින් ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කිරීමත් සමග ඔවුන් පිටව ගොස් ඇත.

අනතුරුව හැටන් පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු ඊයේ දින අලුයම 1:45ට පමණ තම ආපන ශාලාව වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවට ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ෂණයක් කරන මෙන් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

මේ පිළිබඳව හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ පොලිස් සටහන් පොතේ අදාළ පොලිස් නිලධාරින් පිරිස රාජකාරි කටයුත්තකට පොලිස් ස්ථානයෙන් බැහැරව යන බවට කිසිදු සටහනක් තබා නැති බවයි.

විශේෂ නිවේදනයක්...මේ අය අද අවධානෙන් සිටින්න

විශේෂ නිවේදනයක්...මේ අය අද අවධානෙන් සිටින්න

නැවතත් පොලිසියෙන් මහජනතාවට කරදර...ආපනශාලාවකට පැනලා ගහන්නත් හදලා  | Police Cause Trouble Public Break Into Restaurant