කොටු පැන්න ඕ.අයි.සීට වෙච්ච දේ - ෆෝන් එකයි, හෙල්මට්‍ එකයි දෙකම අරන්

By Sewvandhi Oct 09, 2021 05:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මොණරාගල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් පොලිස් ස්ථානාධිපතිවරයා තමන් නොමැති අවස්ථාවේ නිවසට පැමිණ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් කළේය. මේ වන විටත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා හෙල්මටය අදාළ පුද්ගලයා සන්තකයේ පවතින අතර ඉදිරි විමර්ශනවලදී ඒවා ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.

ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ නියෝග මත විමර්ශනයක් ද ආරම්භ වී තිබේ. තමන් ඉකුත් 6 වැනිදා නිවසින් බැහැරව ගොස් නැවත රාත්‍රී 11.30ට පමණ නිවසට පැමිණෙන විට පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ කාමරයක සිටි බවත්,

පසුව තමා පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා බිරිඳගේ ජංගම දුරකතන ගත් බවත්, එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ ඉදිරි දොර විවෘත කරගෙන පලා යාමට උත්සහ දරා ඇති බවත් ඒ අවස්ථාවේෙ තමා පොලිස් ස්ථානාධිපතිවරයා පසුපස එලවාගෙන ගිය බවත්, එවිට ඔහු පය පැටලී ඇද වැටුණු විට ජංගම දුරකතනයේ එළියෙන් ඔහුව හඳුනාගත් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා තම නිවසට පැමිණ තිබුණේ යතුරු පැදියකින් බව ද ඔහු පවසා ඇත. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා, මොණරාගල සහකාර පොලිස් අධිකාරී එස්.පී.කේ ගාල්ලගේ මහතාට උපදෙස් දී ඇකි අතර ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha