මධ්‍ය තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවයි - ආරක්ෂාව හදිසියේ තර කරේ
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අද (22) 5 වන දිනයටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් මධ්‍ය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා ඇත.
මෙහිදී වර්ජකයන් සඳහන් කරන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කොන්දේසි මත සාකච්ඡාවලට සහභාගි වීමට ඔවුන් සූදානම් නොවන බවයි.
එම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණ කිසිසේත් පසුබට නොවන බවයි.
ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තවදුරටත් ක්‍රියාත්මක අතර වර්ජනය හේතුවෙන් තැපැල් සේවාවන් සඳහා පැමිණි ජනතාවට දැඩි අසීරුතා ලබාදී ඇත.