සිහිමූර්ජා වීමට ආහාරයක් කෑමට ලබා දී මංකොල්ල කෑ අමුතුම පුද්ගලයෙක් මාට්ටු වෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 04, 2023 11:23 AM GMT
krishani

krishani

Report

යතුරුපැදියක් මිල දී ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු හට සිහිමුර්ජා වීමට ආහාරයක් ලබා දී ඔහු සතු යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

අදාළ සැකකරු පලෙයි ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි අයෙකු වන අතර සැකකරු විසින් සොරාගත් යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන ඇති බව කොඩිකාමම් පොලිසිය සඳහන් කළේ ය.

එමෙන්ම රුපියල් ලක්ෂ හතර හමාරක මුදල සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එලෙස සිහසුන් වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ReeCha