මෙහෙමත් අත්තම්මලා ඉන්නවනෙ අම්මපාහ්.. මිනිපිරියට බලු පිඟානේම කන්න දීලා අත්තම්මා නැවතුන තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jun 03, 2024 12:46 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු 14 ක දැරියක් කුඩා කාලයේ සිටම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක ඇති දැඩිව සිය වයෝවෘද්ධ කිරි අම්මාගේ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිවෙසට පැමිණ තිබෙනවා.

මෙහෙමත් අත්තම්මලා ඉන්නවනෙ අම්මපාහ්.. මිනිපිරියට බලු පිඟානේම කන්න දීලා අත්තම්මා නැවතුන තැන.. | Police Arrested Women At Weyangoda

එම දැරිය මවුපියන් නොමැති වීම නිසා මෙලෙස ළමා සංවර්ධන මධ්‍යස්ථානයක හැදී වැඩී ඇත්තේ.

එලෙස කිරි අම්මාගේ නිවසට පැමිණි අවස්ථාවේ එම දැරියට නිවෙසේ සුරතලයට ඇති කරන සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට ඇයට කෑම බෙදා දුන්නේ යැයි තොරතුරු වාර්තා වේ.

හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS)

හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS)


ඒ බව කියන සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ කිරි අම්මා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ ය.

එම කිරි අම්මා සුනඛයාට ආහාර ලබාදෙන පිඟානට කෑම බෙදා දී එම කෑම කන ලෙස පවසා අසභ්‍ය වචනයෙන් තදබල ලෙස බැණ වැදී ඇයට නිවෙසින් වහාම පිටව යන ලෙසට බැණ වැදුණු බව ද සඳහන් වේ.

සිය අවුරුදු 14 ක් වයස මිනිබිරියට කෲරත්වයෙන් සැලකුවේ යැයි කියන චෝදනාව යටතේ 73 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ මීළඟ සංග ද?. Bio වලින් A3ක් අරන් A/L සුපිරියටම පාස් වුණ නාලන්දෙ ක්‍රිකට් කැප්ටන්..(PHOTOS)

මේ මීළඟ සංග ද?. Bio වලින් A3ක් අරන් A/L සුපිරියටම පාස් වුණ නාලන්දෙ ක්‍රිකට් කැප්ටන්..(PHOTOS)


කෙසේ වෙතත්, මෙම දැරියට වැඩිමල් සහෝදරයකු ද සිටින බව සඳහන් වේ.