බැංකු කාඩ් එකක් සොරකම් කර, රන් භාණ්ඩ මිල දී ගත් කතක් මාට්ටු වෙයි..
Sri Lanka Police
Vavuniya
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
වව්නියාව – කුරුමංකාඩු ප්‍රදේශයේ, විදේශගතව සිට සිය ඥාති නිවසකට පැමිණ සිටි කාන්තාවකගේ බැංකු කාඩ්පත සොරකම් කළ කාන්තාවක් ගැන තොරතුරු වාර්තා වේ.
ඇය එම කාඩ්පතේ මුදල්වලින් රුපියල් දහතුන් ලක්ෂයකට අධික රන් භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.
සැකකාරිය, විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාව මුණ ගැසීම සඳහා එම නිවසට පැමිණි ඇත.
එහිදී බැංකු කාඩ්පත සොරකම් කර ඇති බවයි පොලිසිය පැවසීය. කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන 24 හැවිරිදි සැකකාර කාන්තාව බැංකු කාඩ්පත උපයෝගී කරගනිමින් රන් වළලු, මුදු සහ රන් මාලයක් මිල දී ගෙන ඇති බවට අනාවරණය විය.
මේ අතර, සැකකාරිය වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |