කටුනායක ගුවන් තොටුපලේදී පිලිපීන කතක් අත්අඩංගුවට...

Report

රුපියල් මිලියන 200කට ආසන්න කොකේන් තොගයක් සමඟ පිලිපීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදත් වැස්ස සහ සුළඟ නපුරු වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..

අදත් වැස්ස සහ සුළඟ නපුරු වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න..


මෙහිදී රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය රැගෙන ගමන් ආරම්භ කර , කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබූ බවයි පැවසෙන්නේ.

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..


ඉන්පසුව ඇය එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 861 ක් බරැති මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 ක් ද සගවා ගෙන රැගෙන විත් තිබේ.

කටුනායක ගුවන් තොටුපලේදී පිලිපීන කතක් අත්අඩංගුවට... | Police Arrested Women

ඇයට සිය යෙහෙළියක් මගින් මෙම ගුවන් ගමන සම්බධීකරණය කර දී තිබූ අතර ඇයට මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන විත් භාර දීම සදහා ඇමෙරිකානු ඩොලර් 1,000 ක මුදලක් ද , ඊට අමතරව මෙම ගුවන් ගමන් සදහා ප්‍රවේශ පත්‍ර සහ දින 05 ක් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් වල නැවතීම සදහා අවශ්‍ය පහසුකම් ද සපයා දීමට මෙම මත්ද්‍රව්‍ය ජාලා හිමිකරුවන් පොරොන්දු වී ඇති බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත .

එසේම මෙම කාන්තාව රේගු නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇත්තේ, මීට පෙර මැලේසියාව සහ ඉන්දියාව වෙත ද මේ ආකාරයට කුළු බඩු අඩංගු පාර්සල් අතර කොකේන් මත්ද්‍රව්‍ය සගවා ගෙන රැගෙන ගොස් ඇති බවයි .

කටුනායක ගුවන් තොටුපලේදී පිලිපීන කතක් අත්අඩංගුවට... | Police Arrested Women