ඕමාන මිනිස් ජාවාරමට උදව් කළ කතක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 21, 2022 07:20 AM GMT
krishani

krishani

Report

ඕමාන මිනිස් ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අද (21) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා පස්වරුවේ දී මෙම ජාවාරමට සම්බන්ධ 45 හැවිරිදි උප ඒජන්තවරයෙකුත් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට අවිස්සාවේල්ල ප්‍රදේශයේ දි ගැණුනේ ය.

එමෙන්ම ඕමානයේ සහ ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරමේ නිරත වීමේ චෝදනාව මත පෙරේදා කටුනායක ගුවන්තොටුපලේ දී මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha