ඇහැට කදුලක් එන කතාවක් වතු කම්කරුවන්ට රජයෙන් ලැබෙන්න යන විශේෂ දේ මේන්න

Government Of Sri Lanka Law and Order Tamil Sinhala news
By Mithu Jul 18, 2025 12:00 PM GMT
Mithu

Mithu

Report

දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි බහුතර දමිළ ජනයා වතු කම්කරුවන් වශයෙන් බොහෝ කාලයක් තමන්ගේ ඉල්ලීම් සහ දීමනා වෙනුවෙන් සටන් කෙරූ පිරිසක් විය. විවිධ රජයන් බලයට පත්වීමත් සමඟ මෙම ඉල්ලීම්වලට මැතිවරණ සමයේ පමණක් කන් දුන්නද ස්ථීරසාර විසඳුමක් ලබා නොදුන්නේය.

එවන් පරිසරයක නව රජය විසින් වතුකම්කරුවන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කෙරූ නව තීරණයක් පිළිබඳව බොහෝ දෙනා සතුටට පත්විය. ඒ අනුව මෙතෙක් ලිපිනයක් රහිතව සිටි වතු කම්කරුවන් පිරිසක් සඳහා ස්ථීර ලිපින ලබා දීමට රජය කටයුතු කර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

තමන් ඇතුළු වතු කම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල, මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව දැනුම් දුන්නාය.

පෙත්සම්කරු විසින් ගොනු කළ මෝසමකට අනුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. මෙම පෙත්සම තමන්ට ලිපිනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පමණක් නොව සියලුම වතු කම්කරුවන්ටත් ස්ථීර ලිපිනයක් ලබාගැනීම සඳහා මහජනතාවටත් වැදගත් නඩු කටයුත්තක් ලෙස ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

භාතිය නැතිවෙලා සතියක් නෑ, දුම්රියක ගැටී තවත් සද්ධන්තයෙක් ජීවිතක්ෂයට

වර්තමානය වන විට දිවයින පුරා වතු කම්කරු පවුල් 244,500ක් සහ ඊට අයත් 966,700ක පිරිසක් සිටින අතර ඔවුන්ට ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින නොමැති නිසා විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව පෙත්සම මඟින් පෙන්වාදී ඇත.

මෙරටට විදේශ විනිමය උත්පාදනය කරන පිරිස් අතර වතු කම්කරුවන් ප්‍රමුඛත්වයක් දරන අතර 2021 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද 2022 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද මෙරටට ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

ReeCha