පොලිස් පවුලක්ම එකතු වෙලා හමුදා සෙබලෙක්ට පහර දීලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 04, 2023 06:43 PM GMT
krishani

krishani

Report

තියුණු ආයුධවලින් යුධ හමුදා සෙබළෙකුට පහර දී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ, පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැකිරාව පොලිසිය විසින් ය. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙක් ය.

පහරකෑමට ලක් වූ හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පහරදීමට හේතුව කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කැකිරාව පොලිසිය විසින් සිදුකරනු ලබයි. 

ReeCha