පාසලේ සිසුන් තුනක් ගණිතාගාරය කඩා සිදුකළ සොරකම - වටිනා භාණ්ඩ කිහිපයක් හොරෙන්ම විකුණලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 23, 2023 07:12 AM GMT
krishani

krishani

Report

නාන්නේරිය මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු විසින් ගණිතාගාරය කඩා භාණ්ඩ සොරාගත් පුවතක් වාර්තා වේ.

එම සොරාගැනීමට අදාළව සිසුන් තිදෙනෙකු ඇතුළුව හත් දෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව නාන්නේරිය පොලීසිය සඳහන් කළේ ය.

එම සිසුන් තිදෙනා විසින් ගණිතාගාර කාමරයේ ජනේලය කඩා එයට ඇතුළු වී තිබෙනවා.

අනතුරුව එහි තිබූ ටැබ් පරිඝණක 7ක් හා ඩෙස්ක්ටොප් පරිඝණක උපාංග කොටස් සොරාගෙන ඇත.

එම සොරාගත් භාණ්ඩ ව්‍යාපාරිකයන් හට විකුණා තිබිය දී පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ, එම සොරකම සම්බන්ධව ව්‍යාපාරිකයන් පිරිසද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.