ගුරුවරියගේ අනියම් සැමියා සිසුවියකට ලිංගික අතවර කරලා.
මුලතිව් - විශ්වමඩු ප්‍රදේශයේ ගුරුවරියකගේ අනියම් සැමියා විසින් පාසල් ශිෂ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කර ඇත.
එම අදාළ සැකකරුව ඊයේ (19) පුදුකුඩි ඉරිප්පු පොලිසිය මගින් අත්අඩංගුවට ගැණින.
පාසල් ගුරුවරියගේ විවාහක සැමියා ඇයව අතහැර වෙනම නිවසක පදිංචි අතරතුර දී, ගුරුවරිය වෙනත් පළාතක පුද්ගලයෙකු සමග මෙලෙස අනියම් ඇසුරක් පවත්වා, ඔහු හා එකම නිවසේ වාසය කර ඇත.
අදාළ ශිෂ්‍යයාව අධ්‍යාපන කටයුත්තක් සාකච්ඡා කිරීමට ගුරුවරියගේ නිවසට ගොස් ඇති අතර එහිදි මෙම ලිංගික හිරිහැරය සිදුව ඇත්තේ.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ දී ගුරුවරිය නිවසෙහි රැඳී නොසිට ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් සිය දෙමව්පියන්ට පැවසූ විට, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට දැනුම් දී ඇත.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |