නගරයක් මැද බිරිඳට පහර දෙන්න හැදූ පොලිස් කොස්තාපල්වර‍යා - පහර දීම වළක්වන්න ගිය පොලිස් නිලධාරීන්ටත් පරුෂ වචනයෙන් කෑ ගහලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 02, 2023 06:31 AM GMT
krishani

krishani

Report

උඩවලව නගර මධ්‍යයේ දී බිරිඳට පහර දීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උඩවලව පොලීසිය විසින් ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කොස්තාපල්වරයා පහලගම පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව රාජකාරි කරන අයකු බව සඳහන් වන්නේ.

බිරිඳට පහර දීම වැළැක්වීමට ගිය පොලිස් නිලධාරීන්ට ද පොලිස් කොස්තාපල්වරයා පරුෂ වචනයෙන් කෑ ගසා කළහකාරී ලෙස හැසිරී තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔහු බීමතින් සිට ඇති බව තහවුරු වී ඇත.

ReeCha