පිහියක් රැගෙන පොලිසියට අනින්න ගිය පුද්ගලයෙක්ට වැඩ වැරදෙයි - පොලිස් මුර කුටියේ විදුරුවලටත් පහර දීලා.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
ඊයේ (04) පිටකොටුව බස් නැවතුම ආසන්නයේ දී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට පොලිස් මුර කුටිය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.
එහිදී එම පුද්ගලයා ඉණෙහි සඟවාගෙන සිටි පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර ඇත.
පොලිසිය සඳහන් කළේ, මුර කුටියේ වීදුරුවලට ද පහර දී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව අනාවරණය වී ඇත්තේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවක විවෘත වරෙන්තුවක් ඇති පුද්ගලයකු බවයි.