කොස්තාපල්වරියකට සෙබළෙකු කළ ලිංගික බලපෑම..

By krishani Dec 02, 2022 08:28 AM GMT
Report

මාවනැල්ල පොලිස් ස්ථානයේ දී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ බව කියන 27 හැවිරිදි සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු යුද හමුදා සෙබළෙකු බව අනාවරණ වී ඇත්තේ.

පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විවිධ අසභ්‍ය වචන කියමින් තමන්ට ලිංගික ප්‍රහාරයක් එල්ල කළ බවට කාන්තා පොලිස් කොස්තාපල්වරිය පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලට අනුව කාන්තා කොස්තාපල්වරිය චෝදනා කර තිබෙන්නේ, තමන් පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටිය දී එක් අයකු තමා පිළිබඳ අනෙක් පුද්ගලයා සමඟ ඉතා පිළිකුල් සහගත ලෙස කතා කළ බව ය.

සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join