ගෙල බැඳි රන් මාලයක් පොලිස් කොස්තාපල්වරයෙක් කොල්ල කාලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරයෙකු මහවස්කඩුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගත් පුවතක් වාර්තා වේ.
අල්ලගත් ඔහුව ප්‍රදේශවාසින් විසින් කළුතර උතුර පොලිසියට භාර දී තිබෙනවා.
මෙලෙස පොලිසියට භාර දී ඇත්තේ බදුරලිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරකු ය.
මොහු අසනීප නිවාඩු වාර්තා කර මහවස්කඩුව ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.
එහිදී මෙම කොස්තාපල්වරයා තවත් යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ලකා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙලි වී තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
