පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 18, 2023 07:53 AM GMT
krishani

krishani

Report

රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙක්ව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) සවස යාපනය ඉරණමඩු ප්‍රදේශයේ කංකානි හන්දියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉඩමක් නීතිවිරෝධී ලෙස පවරා ගැනීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට උදව් කිරීමට පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසීය.

එම මුදල ලබාගන්නා අවස්ථාවේ දී අදාළ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha