60 හැවිරිදි ලොකු තාත්තා 14 හැවිරිදි දැරියට කළ අහස පොළොව නුහුලන අපරාධය..
By krishani
වයස අවුරුදු 14ක දැරිවියක් ඇයගේ 60 හැවිරිදි ලොකු තාත්තා විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් ගල්නෑව - හුරිගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
අදාළ දැරිය කිසියම් මානසික ආබාධයකින් ද පෙළෙන්නියක් වේ. ලිංගික අපයෝජනයට සිය දියණිය ලක් කළ බවට හුරිගස්වැව පොලිසියට දැරියගේ දෙමාපියන් පැමිණිල්ලක් කර ඇත.
සැකකරුව පොලිස් අත්අඩංගුවට ඊයේ (03) ගත් අතර එම සැකකරු සිය විවාහයෙන් වෙන්ව කාලාන්තරයක් තිස්සේ දැරියගේ නිවසේ රැඳී සිට ඇත.
මව්පියන් ගොවිතැන් කටයුතුවලට පිටත්ව ගිය අවස්ථාවල දී සැකකරු විසින් දැරියව අපයෝජනයට ලක් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු අද (04) කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |