මෙන්න නියම මිනිස්සු. තමන්ගේ ගමේ මත් කුඩු විකුණන්න ආපු අයට ගමේම මිනිස්සු එකතු වෙලා කරපු වැඩේ..

Sri Lanka Police Sri Lanka Drugs
By krishani Aug 09, 2023 03:04 PM GMT
krishani

krishani

Report

තම ගම්මානයට මත්ද්‍රව්‍ය බෙදා හැරීමට පැමිණි පුද්ගලයෙක් සහ ලබාගැනීමට පැමිණි තිදෙනෙක් කිරිමැටිය ගම්මානයෙ තරුණයන් සහ ගම්වාසීන් විසින් ක්‍රියාත්මක කල මෙහෙයුමකින් අනතුරුව මත්කුඩු, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අල්ලා හිඟුරක්ගොඩ පොලිසියට බාරදී තිබෙනවා.

කලක සිට ගම්මානයේ නිවසක සිදුකරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබද තමන් දිගින් දිගටම හිඟුරක්ගොඩ පොලීසියට මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දුන්නද ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම ආයතන අපොහොසත් වු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

දැන් ඔවුන්ට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.


ReeCha