ගෙවා ගන්න බැරි වුන මිලියන ගානක දඩය නිසා ප්‍රංශ ජාතිකයෙක්ට මෙරට දී සිදු වූ දේ..
රුපියල් මිලියන 80ක වටිනාකමකින් යුත් රත්‍රං නීතිවිරෝධීව මෙරටට ගෙන ඒමට තැත්කළ ප්‍රංශ ජාතිකයෙකුට රේගුව විසින් දඩ මුදලක් නියෝග කර තිබෙනවා.
එම 35 හැවිරිදි ප්‍රංශ ජාතිකයාට නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකිව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ ඊයේ (04), මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු පසුගිය 3 වැනිදා අලුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.සැකකරුගේ ගමන් මළු තුළ තිබී කිලෝග්‍රෑම් 4ක් බරැති රන් පොලු තොගයක් රේගු නිලධාරීන් සොයාගෙන ඇත.
එම රත්රන් වල කළු පැහැති තීන්ත වර්ගයක් ආලේප කර ඇළුමිනියම් ෆොයිල්වල ඔතා ගමන් මලු සඟවාගෙන එම රන් පොලු මෙරටට රැගෙන විත් තිබෙනවා.
කෙසේවෙතත්, එම රන් තොගය රාජසන්තක කළ රේගුව මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් මිලියන 70ක දඩ මුදලක් නියම කළේ ය.
එම දඩ මුදල නොගෙවීම නිසා සැකකරු අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාාගර ගත කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |